Pages

Saturday, January 7, 2012

මන්දාරම් වැහි වැටෙනා

මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ....
මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා.....
සද හාවුන් හඩනා.. කලුවර රාත්‍රියේ....
ආලෝකය දුන්.. සදකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා....
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....

කුණාටු සාගරයේ....රුවල් බිදුණු නව්කාවේ....
හබල ඔබයි පිලිසරණ ඔබයි....නුඹයි මගේ අම්මා....
දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ....
සෙවණ ඔබයි....මද පවන ඔබයි....
නුඹයි මගෙ අම්මා....

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ  මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති  ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....

අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත ණුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....





http://www.loudtronix.me/converting.php?v=7Gtbwc_NJ7I&fmt=mp3

1 comment:

  1. ගොඩාක් ලස්සන සින්දුවක්.... :)

    ReplyDelete