Pages

Wednesday, February 29, 2012

හැමදාම හඩන සිත

හැමදාම හඩන සිත හදන්න ඔබ ළග නෑනේ
කවුරුත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගේ හිනෙන්වත දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්න මං දන්නැනේ....

සඳ මඩලට උපමා කර කවි ලියු කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
කදුළු බලා ඔබ අද මට හිනහෙනවානේ
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ....

නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානෙ
තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑනේ
අද නැති මුත් ළග සිටිදා සිත හැදුවානේ
හිත මෙ තරමට අසරණ ඔබ හින්දානේ....



http://www.arunella.net/songs/download.php?id=120

පෙම් කවක් ලියූ නුඹ

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳිඋන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ 

නුඹ යන්නම යන්න යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්.... //
යලි එන්නම එන්න හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්....//
හඳ එලිය පොළවටයි හිමි වූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්....

මේ ඇස් දිහා බලන්

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද - මා ඔබේද
අපි අපේ ද කියලා....
දැන්වත් කියන්න මගේ රත්තරන්....

පැහැදුල් නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මඟ නවතා
දෙහදක් ගොළුව උන්නා
ඔබෙ සෙනෙහේ මඟ රැඳුනේ
ඇයි සන්සාරයේ
මේ භවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ
දැන්වත් කියන්න මගේ රත්තරන්....

මේ ඇස් දිහා බලන්...

කඳුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනි බින්දා
සිල් ගත්තු සිත සඟවා
ඔබෙ දෑත වෙත අත පෑවා
ඔබෙ සෙනෙහේ මඟ රැඳුනේ
ඇයි සන්සාරයේ
මේ භවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ
දැන්වත් කියන්න මගේ රත්තරන්....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2590

සපුරා තහනම්

සපුරා තහනම් 
ආදරේ මට නම් 
නෙතු පියා ගන්න සදහට 
ටික දිනයි තියන්නේ
නොදැන ඇය නුඹ විමසුවත් 
ආදරේ දැයි ඔබට මං 
අතරමන් වී ගොළු උනේ 
ආදරේ නිසා මං....

මගෙ අවසන් හුස්‌ම තුරුලු කර මියෙන තුරා ඉන්නවනම් 
ඔබ නිදනා යහන් සමීපේ සුසුමක්‌ වී පාවෙන්නම් 
භවයෙන් භවේ ඉමි මඟ බලා ඔබ එයි කියා 
එතුවක්‌ තුරා පෙරුමන් පුරා එන්නම් සොයා....

සපුරා තහනම්....

හීතල මගෙ දෙතොල් අගට වැටෙනා උනු කඳුලැලි පේලී 
දුකයි සිතට ඇස්‌ වහගන්නට නුඹ ලඟ සිටින වෙලේදී
භවයෙන් භවේ ඉමි මඟ බලා ඔබ එයි කියා 
එතුවක්‌ තුරා පෙරුමන් පුරා එන්නම් සොයා....

සපුරා තහනම්....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=959

මට හීනයක් වෙලා

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජීනී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ....

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ....

තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවීතේ....

මට හීනයක් වෙලා....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=860

චංචල වී හැගුමන්

චංචල වී  හැගුමන්   ‍රැයක්ගානේ
කදුළැල් දෙනවාමයි හදපානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ....

චංචල හැගුමක නිදිවරනා තුන්යාමේ
කදුලට ඇයි අඩගසන්නේ හදපානේ
යස එළිමහනේ රස තියෙද්දී ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායවක්මයි ආදරේ....

මිරිගුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලං වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ....

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක්කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළග වාගේ සුව ලබද්දී ආදරේ
ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනාසේ
ඔබ කී ලෙසටම ආයේ පාලුව ලං වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ....



http://sinhalamp3.sinhalalanka.com/download/download.php?action=music_download_center&userid=303

පෙරදා මැවූ සිනා

පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ 
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
පෙරදා මවූ සිනා....

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතැවෙවී නම් මේ ජිවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ....

පෙරදා මවූ සිනා....

මේ නීල තරු ගොල්ලේ සද පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙනේ සිහිනේ දසුන් බොදවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවි නම් මේ අදරේ 
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=799

Saturday, February 11, 2012

වෙහෙරක් වගේ

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....



http://www.mediafire.com/?dlqy2zje4nt

හිත වාවන්නේම නෑ

හිත වාවන්නේම නෑ, ඔබ ආයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කොඩු මැදියම් රෑ, දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා 
ඔබ තාම දන්නෙ මා ඔබේ කියා.....

සුසුමන් කියා නොදුන්නු, ජිවිතේ සුපෙම් කතාව
කියා දුන්නෙ ඔබමයි ලදේ....
දෑසත් පියාන උන්නෙ, බැරිද තාම අවදිවෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සිතලෙන් මා වෙලි, දෙනුවන් පහන් නිවි
ඔබ යන්නෙ ඇයි ආදරී....

හිත වාවන්නේම නෑ....

උකුලේ නිදාන උන්නු කාලෙ ආයෙ එන්නෙ නෑ නේ
තනිවෙන්න බෑ මට ඉතින්
කෙහෙරෙල්ලෙ ගෑවි ගෑවි සුවද සෙව්ව මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා,පාඩුවේ මා හෙලා
ඔබ යන්නෙ ඇයි ආදරී....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1021

සිතින් අදිනවා

සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටිපණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී....

දුරත් දුකත් අමුණාගෙන එක නූලේ
ගෙනා දුර ඇති ඒකයි දුක්වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ....

හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවා ද රහසින්
තරු සිදුරත් නෑ අහසට සඳ ඇවිදින්
මගෙ හිත ආයේ කොතන ද අලුත් ඉඩක්....



http://www.filestube.com/bUXqK0VIQtVeOVKcITkLUH/Chandana-Liyanarachchi-sithin-adinawa.html

Thursday, February 2, 2012

වස්සානයට අත වනලා

වස්සානයට අත  වනලා  ඉමු මඟ බලන් උද්‍යානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරං මං ගාවින්ම උණුහුම නොදී....

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පා වෙමුද තුරුළටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉදන් ඉන්නවද රත්තරං සංසාරයම මෙය මට නොදී....

වස්සානයට අත  වනලා ඉමු....

වැට කඬුලු අස්සේ මල් පිපුණු බිස්සේ අපි හැංගෙමුද උණුහුමට වී
සමනලු පස්සේ දුව පැනපු කාලේ දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉදන් ඔය තරන් රත්තරං මං ආවොත්ද නුඹ මට හිමී....

වස්සානයට අත  වනලා ඉමු මඟ බලන් උද්‍යානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරං මං ගාවින්ම උණුහුම නොදී 
වස්සානයට අත වනල ඉමු මඟ බලන් උද්‍යානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නෙ ඇයි රත්තරං මං ගාවින්ම උණුහුම නොදී....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1718