Pages

Sunday, May 28, 2023


මම ආසයි පවසන්න


 නාදුනන ලෙස මගහැරලා යන්නැතිව..

නතරවෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න..
මා උමතුකල ඔබට කෙරෑ ආදරය...
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න...



සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා..
ගිනි ගන්නා රස සීමා
පැන් කිරිතෙන් දෝවාලා..
අරැණට පෙර නැගෙනා
මිහිදුම් සළුව නෙලා..
සිපගන්නම් සැමදා....


මා උමතුකල ඔබට කෙරෑ ආදරය....
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න...


දෑසට ලොව්තුරැ සුව ගේනා
දෙවියන් මැව් රෑ නිසා...
ඔබ දකිනා බිගු සේනා
වශීයෙන් එයි පේවෙලා...
දින සති ගතවීලා යන තුරැ මියදීලා...
මට ඔබමයි ඕනා...


නාදුනන ලෙස මගහැරලා යන්නැතිව..
නතරවෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න..
මා උමතුකල ඔබට කෙරෑ ආදරය...
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න....

මා උමතුකල ඔබට කෙරෑ ආදරය...
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න...