Pages

Wednesday, August 22, 2012

මේ සඳ වුනත්

මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලඟ මත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්  ඉවසම්දෝ....

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ....

මේ සඳ වුනත්....

ආයේ හිරු  නෑ....හෙට හුලඟත්  නෑ....
නුඹ ආවත් මේ රැය  නෑ....
ආයේ නුඹ  නෑ....දුක් කදුලුත්  නෑ....
රැය ආවත් මම  නෑ....

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ....


http://www.gallemedia.com/?p=2347

Tuesday, August 21, 2012

දුක දන්නෙ

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුනු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්....

හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් 
වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ගනදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට
මං ආයෙ හිනැහෙන්න උර මඩලට
ලං වෙන්නෙ නෑ කදුලු පූජා කර....


දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්....

http://ananmanan.org/sinhala_mp3/Roshan_Fernando_Duka_Danne.mp3

Sunday, August 19, 2012

පෙරදාක සුසුමක්

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී....

හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ

තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් මේ

මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්....


පෙරදාක සුසුමක්....

තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ වැහි අරන්

නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්....

පෙරදාක සුසුමක්....


http://sinhalamp3.sinhalalanka.com/download/download.php?action=music_download_center&userid=677&pageid=1

Wednesday, August 1, 2012

දෙව්රම් වෙහෙරේ

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම්....
සමිඳුනි ඔබේ පිලසරණපතා
මම එමි භවදුරු කතර ගෙවා....

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවිනිවි යන අරුමය කිමැයි....

ඡිවමානව හිමිදැක ගන්නට
මා නෙත කල පින්මඳ බව වැටහේ
එහෙහින්හිමි අදුරුව අබියස සිට
භවුන් වඩමි මෙත් බුදුන් දැකගන්නට


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ....

http://www.4shared.com/mp3/aBX-3qmm/025_Dewram_Wehere.html