Pages

Thursday, January 19, 2012

මට දෙන්න මට දෙන්න

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන

පාට බිදුවක් දෙන්න....

දෙතොල් පෙති හැඩ කරන සිනා රේඛා මවන
කැඩපතක මගේ රුව මොහොතකට දකින්නට
කදුලු බිදු සගවගෙන දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරුලුකර එක වරක් සිපගන්න....

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන

පාට බිදුවක් දෙන්න....

ගී කියන විහගුන්ට රොන් උරන බඹරුන්ට
රහසේම මම සොයමි මල් පාට වු අරුම
වැහි ඉහින අහස මත බර දරන පොලොව උඩ
මගෙ හීන තබා යමි තවත් දවසක එන්න....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2251

No comments:

Post a Comment