Pages

Thursday, April 25, 2024

  පුරුදු පාරෙම... අදත් යනවා...


පුරුදු පාරෙම... අදත් යනවා...

ඒත් වෙන ගමනක් පුතේ...
හුඟක් අය මගෙ පස්සෙ එනවා...
තනිව ආ.. ගිය මගේ...



කවමදාවත්මගේ.. බර උඹේ..
කරේ තිබ්බේ.. නෑ.. පුතේ....
හුඟක් බර නම්... බිමින් තියපන්...
රිදෙනවා.. ඇති අත් උඹේ...
හුඟක් බර නම්... බිමින් තියපන්...
රිදෙනවා.. ඇති අත් උඹේ...



කන්ද පාමුල සොහොන හුරු නෑ..
දන්නවා මං මයෙ පුතේ..
මගේ තනියට  තවත් අය ඇති..
අඳුරගන්නම්හෙට උදේ..


සොබාදහමට අවනතයි මං..
ඉතින් යන්නම්ගොම්මනේ..
යන ගමන් මේ..බේත් තුණ්ඩුව..
අරන් පලයන්  අම්මගේ..
යන ගමන් මේ.. බේත් තුණ්ඩුව..
අරන් පලයන්...
අම්ම්ම්මගේ......