Pages

Monday, April 23, 2012

මේ නිහඬ බව බිදින්න

මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න....

ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න....//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..

මේ නිහඬ බව බිදින්න...

දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න....//
මට ආදරේ ඇයි....
එක වරක් කියන්න....

මේ නිහඬ බව බිදින්න....





http://mmusicz.com/search/video/1/Nihada+song.html

ඔබ ඉන්නව නම්

ඔබ ඉන්නව නම්
ඉන්න මා ළඟ නෑ පලක් දුර හිඳීමෙන්
ඔබ ආදරේ නම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ හිඳීමෙන්....

සිත දැවේ රෑ දවාලේ ඇයි මෙහෙම දේස වාසේ
තුන්සිතට වේදනා දී ඔබ යාවි පාවී පාවී
ආදරය මෙන් හැඟීමෙන් දුක නිවෙයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාවි පාවී....

ඔබ සොයා සිත ඉඟිල්ලේ
ඇස් දෙකම අන්ධ වූයේ
නිම්නයේ නිල්ල සේදී ආදරය නෑවි නෑවී
දුක නිවන පෙම් සිනාවෙන්
සිත නෙවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාවි පාවී....

ඔබ ඉන්නව 
නම්....


http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1152

දිවුරාලා පවසන්න

දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්‌කල්
ඔබමයි මගෙ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

හිරිමල් දෑතේ සගවා මළාරොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ.....

සියිමැලි ඇගිලි තූඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක්‌ සදාලා
සුසුමක්‌ හෙලන හැමවරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා



හිරිමල් දෑතේ සගවා....


http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=791

සිත රිදෙනා තරම් ළඳේ

සිත රිදෙනා තරම් ළඳේ ඔබ දන්නවා නම්
මේ දෙනෙතෙන් වැටෙන කඳුළු ගැන දන්නවා නම්
මම දන්නෑ ආදරයක් රිදෙනවා මෙතරම්
ඔබට හැකිද හැර යන්නට මාව දැන් ඉතින්....

බින්ඳු බින්ඳු එකතු කරපු ආදරේ තරම්
ඩිංග ඩිංග කල් යන කොට දැනුනද කොතරම්
මගේ රත්තරන් මගේ රත්තරන්
හිතට හිතුනේ නැතුවද ඉන්න බව ඉතින්....

ගින්න ගින්න හද ඇවිලී දවයි සිතු පැතුම්
යන්න යන්න ඔබ ඈතට සිඳෙයි මල් හැඟුම්
මගේ රත්තරන් මගේ රත්තරන්
ඇයිද හිතුනෙ නැත්තේ මගේ ආදරේ තරම්....

සිත රිදෙනා තරම් ළඳේ....





http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1158

Monday, April 9, 2012

ඔයා නිසා මගේ සිනා

ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්....


තනිකමින් ගග ගලා යනවා
සදේ නුබ නෑ අම්බරේ
බිදවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැන්ගුනේ
අපි හමුවොනොතින් සද එයිනැගිලා
ගංගාවට එලිය අරන් ආදර මල් යායක් අරන්....


බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත
හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්....



ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්....




http://www.mediafire.com/?xdldvk5ytd6xx8k