Pages

Monday, March 26, 2012

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවාට නොකියම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා....

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2626 

ඔබ නැතුව ඉන්න බැරි තරමට

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
සිත ඔබව සොයනව දවසෙම....

මේ ජීවන හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා
‍රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලනියේ....

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳවී පිපුනේ
ඔබේ ‍රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ....


http://www.4shared.com/mp3/Jj2RMH0y/OBA_NETHUWA_INNA_BERI_THARAMAT.html

මුලු ලොව මගෙන් අසාවි

මුලු ලොව මගෙන් අසාවි
ඔබ ගැන කුමක් කියම් දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම් දෝ....

මට වෙදනා නොදුන්නයි
කීවත් කුමක් කියයි දෝ
ඔබ මට දුකක් නොවීයයි
කීවත් කුමක් කියයි දෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ....

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයි දෝ
ඔබ නිවැරදියි කියුවත්
මිනිසුන් කතා නොවෙයි දෝ
ඔබ යලි මගේම වූවොත්
ලොව මට කුමක් කියයි දෝ....



සංසාර සිහිනයේ

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි....

නාමලක්‌ වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සදපාන ඔබ වැනි නිල් අහසේ නැළැවුණි
මගෙ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම්නැති....

සංසාර සිහිනයේ....

මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දගකාරකම තියා
ඔබ මා ළගින් නතරවෙන්න ආදරෙයි කියා....



http://www.elakiri.lk/forum/downloads.php?do=file&id=842 

එපා වෙන්නට පෙර ඔබට

එපා වෙන්නට පෙර ඔබට 
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට 
එකම කවියක්වත් දෙන්න....

නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට
කියා ගන්නට බැරිව හිටී දුක්
දන්නේ කවුරුද ඔබම මිස කවුද....

මළණික වු මලක් ආයේත්
පිපේවිද කොයි කවර ලෙස
පිපෙන්නේ ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස....



http://sinhala-lyrics.com/get_lyric.php?lid=1471