Pages

Monday, January 30, 2012

සිහිනයකි ඔබ

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා...

ඉරකි ඔබ මට සඳකි ඔබ මට
කිසිදු කිසිවිට සමු නොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා....

යුග ගණන් අප වෙන්ව ආ මග
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනහ මල් පෙති විසිරිලා....

හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යළිදු අප අත් ළංවෙලා....



http://www.slmp3.com/songs/Sihinayaki_Oba_mp3.php

No comments:

Post a Comment