හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වදිමි නිබඳේ....පාද වදිමි නිබඳේ....
හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ....මිහිර දකිමි නිබඳේ...
හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුව දයක බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ....රසය විඳිමි නිබඳේ....
http://www.mediafire.com/?z32mnagnymw

No comments:
Post a Comment