Pages

Thursday, January 5, 2012

වෙන් වී දැන් යන්න ඉතින්

වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනෙම නම්
කීරි ගැහෙයි හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ
රහසේම කාටද පුදා...


මගෙ සිහිනේ ඉඩ ඉල්ලා
පෙරදා ඔබමයි පිය මැන්නේ
පෙම් පහසේ වෙළී ඉඳලා
කෙළෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා....මගෙ වෙලා උන් ඔයා....
අද මෙසේ වෙන් වෙලා....මා දමා යයි ඔයා....


පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා....මගෙ වෙලා උන් ඔයා....
අද මෙසේ වෙන් වෙලා....මා දමා යයි ඔයා...


No comments:

Post a Comment