Pages

Tuesday, August 21, 2012

දුක දන්නෙ

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුනු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්....

හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් 
වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ගනදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට
මං ආයෙ හිනැහෙන්න උර මඩලට
ලං වෙන්නෙ නෑ කදුලු පූජා කර....


දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්....

http://ananmanan.org/sinhala_mp3/Roshan_Fernando_Duka_Danne.mp3

No comments:

Post a Comment