Pages

Monday, March 26, 2012

මුලු ලොව මගෙන් අසාවි

මුලු ලොව මගෙන් අසාවි
ඔබ ගැන කුමක් කියම් දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම් දෝ....

මට වෙදනා නොදුන්නයි
කීවත් කුමක් කියයි දෝ
ඔබ මට දුකක් නොවීයයි
කීවත් කුමක් කියයි දෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ....

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයි දෝ
ඔබ නිවැරදියි කියුවත්
මිනිසුන් කතා නොවෙයි දෝ
ඔබ යලි මගේම වූවොත්
ලොව මට කුමක් කියයි දෝ....



No comments:

Post a Comment