Pages

Sunday, March 2, 2025

 ආයාසයේ

 ආය නාවත්

මතක් වෙන වාර ගානක්
හද මන්දිරේහි
නැවතිච්ච ප්‍රේමී..

කාරනාවක්
අහන්නද මාව තාමත්
මතකෙන් නොසේදී
සිහිවෙයිද ප්‍රේමී..

හෙවනැල්ලකින් මා පැතූ
සිහිලැල්ල සංකා මැකූ
ගෙනදුන්න ප්‍රේමී..
තුරුලෙන් මිදේවී..

ආයාසයේ
රිදුමයි ආදරේ
දෑසේ දෑසේ නැගේ
කදුලයි ආදරේ

දෑතේ දෑතේ බැදී
වින්දත් ආදරේ
ඈතින් ඈතින් ඇදී
බොදවෙයි ආදරේ
ආදරේ..

හදවත් බිදීමේ වරදත්
ගගුලක් පිරේවී කදුලක්
ඒ නෙතු දෑලේ
පිලියම් සොයම්දෝ මම නම්
සමුගන්න යාමේ තව නම්
උහුලන්න වේවී රිදුමන්
ආයෙත් ආයේ
සමරන්න ප්‍රේමේ තනිකම්

ආදරෙන් මා පැතූ
හෙවනැල්ල සංකා මැකූ
සිහිලැල්ල ප්‍රේමී..
තුරුලෙන් මිදේවී..

ආයාසයේ…

Sunday, May 12, 2024

 මම නම් ආසයි අහන්න නයනා


මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා...
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ..
ඉරහඳ පමණයි කවදත් උන්නේ...
මමනම් ආසයි අහන්න නයනා..
ඉස්සර වාගේ ඔබේ මුවින්..



ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා...
මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
මට පෙම් කල මුදු නිසංසලාවිය

මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ..
පුරුදු හඩින් ඇයි හිනා නොවන්නේ..
මමනම් ආසයි අහන්න නයනා..
ඉස්සර වාගේ ඔබේ මුවින්...


පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්...
ලෝකය යනතක ගමනේ යද්දෙන්..
පුංචි දැරිය යුවතියක වුනාදෙන්..
මගේ බොළඳ හිත මට තිබුනාදෙන්..

ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ..
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ..
මමනම් ආසයි අහන්න නයනා..
ඉස්සර වාගේ ඔබේ මුවින්..

දෙනෙත පියාගෙන කියන්න මුමුණා..
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ..
ඉරහඳ පමණයි කවදත් උන්නේ..
මමනම් ආසයි අහන්න නයනා..
ඉස්සර වාගේ ඔබේ මුවින්..

Thursday, April 25, 2024

  පුරුදු පාරෙම... අදත් යනවා...


පුරුදු පාරෙම... අදත් යනවා...

ඒත් වෙන ගමනක් පුතේ...
හුඟක් අය මගෙ පස්සෙ එනවා...
තනිව ආ.. ගිය මගේ...



කවමදාවත්මගේ.. බර උඹේ..
කරේ තිබ්බේ.. නෑ.. පුතේ....
හුඟක් බර නම්... බිමින් තියපන්...
රිදෙනවා.. ඇති අත් උඹේ...
හුඟක් බර නම්... බිමින් තියපන්...
රිදෙනවා.. ඇති අත් උඹේ...



කන්ද පාමුල සොහොන හුරු නෑ..
දන්නවා මං මයෙ පුතේ..
මගේ තනියට  තවත් අය ඇති..
අඳුරගන්නම්හෙට උදේ..


සොබාදහමට අවනතයි මං..
ඉතින් යන්නම්ගොම්මනේ..
යන ගමන් මේ..බේත් තුණ්ඩුව..
අරන් පලයන්  අම්මගේ..
යන ගමන් මේ.. බේත් තුණ්ඩුව..
අරන් පලයන්...
අම්ම්ම්මගේ......

Friday, October 27, 2023


    අපි පොතට කලින් හැමදාමත්


 කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ

හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා //

සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ //

Monday, October 9, 2023

                                     හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්..


හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්..

උහුලන්න මන් තාමත්

මගෙ ලොව යළි නොනිමෙන සේ

නුබෙ හිත ළග තනි වෙනකන්...

එක බැල්මෙන් නැලවෙමි

නුබ ගාවින්

ඉඩ ගන්නද මන් තාමත්

නුබ ළග මා සැනසෙන සේ

නුබෙ නෙතු දැක හිනහෙනකන්


නුබ එක්ක මා එන්නම්

නුබෙ රහස මා වෙන්නම්

මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්

මගෙ සතුට නුබ වේ නම්

මගෙ රහසින් සැනහේනම්

මගෙ ආලේ නුඹ ළග මන්

අයදින්නම්....


ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට

මන්දාරම් වැහි වැටෙන වෙලාවට

තරු අතරින් අහස බලාගෙන

නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම


සිත්තම් කලේ..

නුඹෙ ආදරේ..

ඇවිදන් යමි.. නුඹ හාහාආ..

නුඹ එක්ක මා එන්නම්

නුඹෙ රහස මා වෙන්නම්

මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්

මගෙ සතුට නුබ වේ නම්

මගෙ රහසින් සැනහේනම්

මගෙ ආලේ නුඹ ළග මන්

අයදින්නම්.....


හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්..

Sunday, May 28, 2023


මම ආසයි පවසන්න


 නාදුනන ලෙස මගහැරලා යන්නැතිව..

නතරවෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න..
මා උමතුකල ඔබට කෙරෑ ආදරය...
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න...



සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා..
ගිනි ගන්නා රස සීමා
පැන් කිරිතෙන් දෝවාලා..
අරැණට පෙර නැගෙනා
මිහිදුම් සළුව නෙලා..
සිපගන්නම් සැමදා....


මා උමතුකල ඔබට කෙරෑ ආදරය....
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න...


දෑසට ලොව්තුරැ සුව ගේනා
දෙවියන් මැව් රෑ නිසා...
ඔබ දකිනා බිගු සේනා
වශීයෙන් එයි පේවෙලා...
දින සති ගතවීලා යන තුරැ මියදීලා...
මට ඔබමයි ඕනා...


නාදුනන ලෙස මගහැරලා යන්නැතිව..
නතරවෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න..
මා උමතුකල ඔබට කෙරෑ ආදරය...
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න....

මා උමතුකල ඔබට කෙරෑ ආදරය...
හඩනගලා ලෝකයට
මම ආසයි පවසන්න...


song link




Wednesday, January 4, 2023

මන්දාරම් කතාවේ

 නුඹ නිසා ලීව කවි පාළුවට


මැකී යාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන....


මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ

මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාළුවට

මැකී යාවී එනවාද හෙට..




දුර නොයා ඉන්න

තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම....

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ

මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ

මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ..